Posts

අඳුරට සාප නොකර පහනක් දල්වමු

Image
හැම තැනක ම ඇත්තේ නෑ බෑ කියන අඳෝනාම ය. මා කල්පනා කළේ අඳුරට ම සාප කර කර ඉන්නවා වෙනුවට පහනක් දල්වන්නට ය. ගෑස් නැති වුනහම පොසිටිව් මිනිස්සු බැණ බැණ නොඉඳ දර ලිපට යොමු වූවෝය. හෙට අනිද්දා ඩීසල් පැට්‍රල් නැතිවුනොත් “මයි ඩීසල්, මයි පැට්‍රොල්” කියා ආඩම්බර පාන්නට අපට බැරි වන්නේ ය. ඒ නිසා ඒ සඳහා ද පිළියමක් අප සොයා ගත යුතු ය. මා සිතුවේ තවම කවුරුවත් කල්පනා කර නැති ඒ වැඩේට අත තබන්නට ය. ප්‍රශ්න වලට විසඳුම් සොයන මට ඒ සඳහා මතක් වෙන්නේ ම අපේ මුතුන් මිත්තන් ය. වැටී ඇති අර්බුදය හමුවේ අම්මා අප්පා පමණක් නොව මුත්තා කිරිකිත්තා සිහි වීම ද වළක්වනූ නොහැකි ය. මුලින් ම මා කල්පාන කළේ බක්කි කරත්තයක් මොඩිෆයි කර ගැනීමට ය. එයට නවීන මුහුණුවරක් දුන්නහම ආකර්ෂණීය වාහනයක් සාදා ගන්නට බැරි වන එකක් නැත. සුද්දා නොඑන්නට අපේ උන් ඔය බක්කි කරත්තය මොඩිෆයි කර ගන්නවා නොවේ දැයි ද මට සිතුනේ ය. උන් ඇවිත් අපේ දියුණුවට පොලු නොදමන්නට අද අපි කොතැනක නතර වෙනු ඇද් ද? එහෙම එකේ දැන් බැරි වන්නට හේතුවක් නැත. මේ උදා වී ඇත්තේ ඒ සඳහා අවස්ථාවකි. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියා තිබෙන්නේ නිකම් ම නොවේ. පරහකට සිටිය හැක්කේ හරකුන් ය. කොහොමටත් හ